Gossips

සෞදියේදී මියගිය ශ්‍රී ලාංකික කාන්තාවකගේ සිරුරක් වෙනුවට ඉන්දීය ජාතිකයෙකුගේ සිරුර කටුනායකට

සෞදි අරාබියේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී , හදිසියේ මිය ගිය ශ්‍රී ලාංකික කාන්තාවගේ මළ සිරුර වෙනුවට, වෙනත් ඉන්දියානු ජාතික පුද්ගලයෙකුගේ මළ සිරුරක් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇතැයි ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසනවා .
මියගොස් ඇත්තේ මාවනැල්ල, මාලියද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි කාන්තාවක්.
ඇයගේ මළ සිරුර සමග සෞදි අරාබියේ දී මියගොස් සිටි ඉන්දීය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ද, සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපලින් ගුවන් සේවා කාර්යාලයට භාර දී අදාළ රටවලට යැවීම සදහායි.
එහෙත් එහිදී සිදු වූ වැරදීමකින්, මෙම මළ සිරුරු දෙක මාරුවී, ඉන්දීය ජාතිකයාගේ මළ සිරුර අද දින රාත්‍රී 7.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
කටුනායක ගුවන් තොටුපළ වෙත මළ සිරුර භාර ගැනීම සදහා පැමිණ සිටි කාන්තාවගේ ඥාතීන්, මෙම මළ සිරුර පිළිබඳ හදිසි මරණ පරීක්ෂකවරයා හමුවේ විමසා බැලීමේදී, එය ඉන්දීය ජාතික යෙකුගේ බව අනාවරණය වී තිබෙනවා.
මේ වනවිට මෙම ඉන්දීය ජාතිකයාගේ මළ සිරුර ඉන්දියාව වෙත ආපසු යැවීම සදහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි සඳහන්.
මියගොස් සිටින කාන්තාවගේ සිරුර ඉන්දියාවේ සිට හෙට මෙරටට රැගෙන ඒමට නියමිතයි.