Gossips

20 ගැන ජවිපෙ සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක්

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡාවක නිරත වනවා.
ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේදීයි.
මෙම සාකච්ඡාව සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් එක්ව සිටින බවයි හිරු පාර්ලිමේන්තු වාර්තාකරු කියා සිටියේ.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ මීට පෙර දෙමළ ජාතික සන්ධානය සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමඟ ද සාකච්ඡා කළා.