Gossips

ආණ්ඩුවේ ව්‍යාජ මත ගැන පොදුජන පෙරමුණෙන් චෝදනා

ආණ්ඩුව රට තුළ මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කරන බවට පවසමින් ව්‍යාජ මත ජනතාවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ චෝදනා කරනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු හම්බන්තොට නව තෙල් පිරිපහදුවේ ආයෝජනය සම්බන්ධයෙන් ද අදහස් පළ කරමින් කියා සිටියේ වොක්ස් වැගන් කර්මාන්ත ශාලා ව්‍යාපෘතිය මෙන් තවත් එක් ව්‍යාජ ව්‍යාපෘතියක් ලෙස ඕමාන තෙල් පිරිපහදුව ද හැදින්විය හැකි බවයි.