Gossips

වී මිලදී ගැනීම් සම්බන්ධයෙන් මැතිසබයේ කතාබහ

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 08 වන දිනය අදයි. කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශ වැය ශීර්ෂ අද විවාදයට ගැනෙනවා.
එම විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන ප්‍රශ්න කළේ විශාල අස්වැන්නක් ලැබී ඇති මොහොතක වී මිලදී ගැනීමට රජයේ විධිමත් වැඩපිළිවෙලක් නොමැති බවයි.
ජනතාව මුලා කරමින් රජය තවදුරටත් කටයුතු කරමින් සිටින බව ද මන්ත්‍රීවරයා එහිදී චෝදනා කළා.
අමාත්‍ය පී.හැරිසන් ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ අවශ්‍ය වී ගබඩා පහසුකම් ද සකස් කර ඇති බවත්, වී මිලදී ගැනීම සඳහා ද රජය කටයුතු කරමින් සිටින බවයි.