Gossips

නොසැලකිලිමත් ධාවනය යතුරුපැදිකරුට මරු කැඳවයි ( CCTV දර්ශන සහිතයි)

කටාන ප්‍රදේශයේදී බස් රථයකට යටවීමෙන් යතුරුපැදිකරුවෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ කුලී කම්කරු වෘත්තියේ නිරත අයෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ඔහු උණ බටයක් උපයෝගී කරගෙන තනාගත් පොල් කැඩීමට භාවිත කරන කෙක්කද රැගෙන යතුරු පැදියේ අනාරක්ෂිත ලෙස ගමන් කරමින් සිටියදීයි මෙම අනතුරට ලක්ව ඇත්තේ.
එය යතුරුපැදිය ධාවනය වන දෙසටම පසුපසින් පැමිණි මීගමුව-මීරිගම පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක පැටලී ගොස් මෙම පුද්ගලයා බිම අදවැටී තිබෙනවා.
එහිදී එම බස් රථයේම පසුපස රෝදයට යටවීමෙන් මෙම පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
කටාන පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
අනතුර සිදුවන ආකාරය අසල තිබූ CCTV කැමරාවක සටහන් ව තිබුනේ මෙලෙසින්.
අති සංවේදී දර්ශන සහිතයි