Gossips

ඉරාකයේ යාත්‍රා අනතුරකින් 94 දෙනෙකු මරුට

ඉරාකයේ මොසුල් නුවර දී ටයිග්‍රීස් ගංඟාව තරණය කරමින් තිබූ මගී යාත්‍රාවක් පෙරළීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 94 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඉන් 80 දෙනෙකුම කාන්තාවන් හා ළමයින් බව සඳහන්.
අනතුර සිදුවන අවස්ථාවේ මගී යාත්‍රාවේ පුද්ගලයන් 200 දෙනෙකු පමණ සිට ඇති අතර ඉන් 55 දෙනෙකු බේරා ගත් බවයි මොසුල් සිවිල් ආරක්ෂක අංශය සඳහන් කළේ.
ඉරාක නව වසර සැමරීම සඳහා උම් – රබේයන් සංචාරක දිවයින වෙත ගමන් ගත් පිරිසක් මෙම ඛේදවාචකයට මුහුණ දී තිබෙනවා.