Gossips

ක්‍රයිස්චර්ච් ප්‍රහාරය වෙනුවෙන් නවසීලන්තය නිහඬ වෙයි

මුස්ලිම් දේවස්ථාන දෙකක සිදුකළ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ සුදු අන්තවාදියෙකුගේ ත්‍රස්ත ප්‍රහාරයෙන් සතියක් ගත වන අද ක්‍රයිස්චර්ච් නුවර පැවති සැමරුම් උත්සවයට දහස් සංඛ්‍යාත පිරිසක් එක්වුණා.
අගමැතිනී ජසින්ඩා ආඩෙන්ගේ ප්‍රධානත්වයෙන් එරට මුස්ලිම් ජන කොටසේ ද සහභාගීත්වයෙන් පැවති අනුස්මරණ උත්සවය රට පුරා සජීවි ලෙස විකාශය කෙරුණා.
ඉන් අනතුරුව පැවති විනාඩි දෙකක නිහැඩියාවට මිලියන 4.5ක් වූ නවසීලන්තවාසීන් එක්වූ අතර, රට තුළ එදිනෙදා කටයුතු නතර වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
වෙඩි තැබීම ආරම්භ වූ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිට ප්‍රධාන සැමරුම් උත්සවය පැවති අතර, ඕක්ලන්ඞ් සහ වෙලින්ටන් ඇතුළු අනෙකුත් ප්‍රධාන නගරවල ද අනුස්මරණ උත්සව පවත්වනු ලැබුවා.