Gossips

නායකත්ව පුහුණුව අතරතුර විදුහල්පතිනියක මියයාමේ සිද්ධියට නිලධාරින් 11 කට විනය පරීක්ෂණ

නායකත්ව පුහුණුව අතරතුර හම්බන්තොට – සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් දෙදෙනෙකු ඇතුළු නිලධාරින් 11 දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් තීරණය කර තිබෙනවා.
එමෙන්ම, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින් දෙදෙනෙකු තනතුරුවලින් ඉවත් කිරීමට ද අමාත්‍යවරයා අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇති බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
මෙලෙස තනතුරුවලින් ඉවත් කර ඇත්තේ මානව සම්පත් සංවර්ධන අංශයේ අධ්‍යක්ෂකවරයා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂක තනතුර දැරූ නිලධාරිවරයායි.
විදුහල්පති නායකත්ව පුහුණුව අතරතුර හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය ජීවිතක්ෂයට පත්වූයේ පසුගිය 17 වනදායි.