Gossips

අර්ජුන් මහේන්ද්‍රන් ගැන නුදුරේදීම කරුණු පැහැදිලි කිරීමක් – සන්ධාන මහ ලේකම්

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට අදාළව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා රටට කරුණු පැහැදිලි කිරීමක් සිදුකරනු ඇතැයි සන්ධාන මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර අද පාර්ලිමේන්තුවේ කියා සිටියා.
ඒ, අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින්.
ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම්, පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන සහ විශේෂ ප්‍රදේශ සංවර්ධනය පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යාංශ වැය ශීර්ෂයන් අද විවාදයට ගැනුණා.