Gossips

අයවැය සහන කඩිනමින් ලබාදීම කෙරෙහි එජාපයේ අවධානය

අද පස්වරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මැයි දින සැමරුම සහ මෙවර අයවැයෙන් ලබාදී ඇති සහන ජනතාවට කඩිනමින් ලබාදීම කෙරෙහි අවධානය යොමුවූ බව පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
පස්වරු 4 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම ආරම්භ වූ අතර එය පැය එකහමාරකට අධික කාලයක් පැවැත්වුණා.