Gossips

Update : පුරහල අවට පැවති රථ වාහන තදබදය අවසන්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ – පුරහල අවට ප්‍රදේශයේ හට ගෙන තිබූ රථ වාහන තදබදය මේ වනවිට අඩුවී ඇතැයි අප වාර්තාකරු ප්‍රකාශ කළා.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම පාගමන ආරම්භ කළේ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින්.
Update : Thursday, March 21, 2019 , 4:14 PM
—————————————————–
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ – පුරහල අවට රථ වාහන තදබදයක් හට ගෙන තිබෙනවා.
අප වාර්තාකරු සදහන් කළේ මේ වනවිට වෝඞ් පෙදෙසට පිවිසෙන මාර්ගය ඇතුලූ මාර්ග රැසක රථවාහන තදබදයක් පවතින බවයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මෙම පාගමන ඔවුන් මෙම පාගමන ආරම්භ කළා.
සිසුන් වෝඩ් පෙදෙසේ පිිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණෙන බවයි වාර්තා වන්නේ.