Gossips

බස් රථ දෙකක් ගැටී 8 දෙනෙකු රෝහලේ (ඡායාරූප)

පුත්තලම – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ, අනුරාධපුර – නොච්චියාගම – ගොවිපොල මංසන්ධියේදී පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටී අද දහවල් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලීසිය සදහන් කළේ තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් සහ කාන්තාවන් ද සිටින බවයි.
කොළඹ සිට මන්නාරම දක්වා ධාවනය වූ බස් රථයක් තවත් මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
තුවාල ලැබූවන්ගෙන් 3 දෙනෙකු අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර අනෙක් 5 දෙනා නොච්චියාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා.