Gossips

සුනඛයා බේරා ගැනීමට ගොස් මුහුදේ අතුරුදන්වු පුද්ගලයාගේ සිරුර හමුවෙයි

කාත්තන්කුඩි ආරියම්පති වෙරළ තීරයේදී රළ පහරට හසුවී අතුරුදන්වු පුද්ගලයාගේ සිරුර හමුවී තිබෙනවා.
ඒ කාත්තන්කුඩි ඒත්තුකාල වෙරළ තීරයට ගොඩගසා තිබියදීයි.
49 හැවිරිදි මෙම පුද්ගලයා ආරියම්පති සෙල්වනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
නිවසේ සුරතලයට ඇති කරන සුනඛයා මුහුදු වෙරළේ නාවමින් සිටියදී රළ පහරට හසුවූ සුනඛයා බේරා ගැනීමට යාමේ දී මෙම පුද්ගලයා මුහුදු රළට හසුවී අතුරුදන්ව තිබුනා.