ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර, දෙවන නිල සාකච්ඡාව මේ වනවිට විපක්ෂ නායක කාර්යාලයේදී ආරම්භ වී තිබෙනවා.
අද සාකච්ජාව සඳහා ද මීට පෙර සාකච්ජාවට නිදහස් පක්ෂය නියෝජනය කරමින් එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල සහ පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මෙන්ම පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත එක්ව සිටිනවා.
දෙපාර්ශවය අතර පළමු නිල සාකච්ජාව පසුගිය 14 වනදා විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා.
අද සාකච්ඡාවේදී ආර්ථික, අධ්‍යාපන ඇතුළු නව සන්ධානයේ ප්‍රතිපත්ති පිළිබද මූලික එකගතාවකට පැමිණීමට නියමිත බවයි නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මීට පෙර කියා සිටියේ.
මේ අතර කෑගල්ලේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර කියා සිටියේ පක්ෂයේ කඩාවැටීමට පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීත්වය බලපෑ බවයි.