Gossips

තේ වත්තක මැණික් ගැරූ 5ක් අත්අඩංගුවට

බගවන්තලාව බොගවාන තේ වතු යායේ අනවසරයෙන් මැණික් ගැරීමේ නිරතව සිටි පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තේ පඳුරු ගලවා විශාල වළවල් හාරා සැකකරුවන් මැණික් ගැරීමේ නිරතව සිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පොලිසියට ලැබුනු තොරතුරකට අනුව අද අලුයම වැටලීම සිදුකර තිබෙනවා.
මැණික් ගැරීමට යොදාගත් උපකරණ ද පොලිස් භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයන් බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.
සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.