Gossips

ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ හතරදෙනෙකු අත්අඩංගුවට

කැළණිය – දිප්පිටිගොඩ ප්‍රදේශයේදී පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ සවස ලද තොරතුරකට අනුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එහිදී සැකකරුවන් සතුව තිබී ව්‍යාජ රුපියල් 1000 නෝට්ටු 5ක් සහ 500 නෝට්ටු 3 ක් පොලිස් භාරයට ගත් අතර, ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා ඇත්තේ මෙම ව්‍යාජ මුදල් නෝට්ටු පුද්ගලයෙකු මුද්‍රණය කරන අතර, එය මාරු කිරීමට ඔවුන්ට ලබාදුන් බවයි.
පසුව ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ බව කියන අදාළ ප්‍රදේශය්ම පිහිටි එම නිවස පොලීසිය පරීක්ෂා කරනු ලැබුවා.
එහිදී ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටු 27 ක්, රුපියල් 500 නෝට්ටු 4 ක් සහ අඩක් මුද්‍රණය කර නිම කරන ලද රුපියල් දහසේ නෝට්ටු 2 ක් සහ රුපියල් 500 නෝට්ටු දෙකක් සමඟ නිවසේ හිමිකරු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 19, 24, 26 යන වයස්වල පසුවන කැළනිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.
ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.