Gossips

කේරළ ගංජා සහ මත්ද්‍රව්‍ය සමඟ පාතාල කල්ලි සාමාජිකයෙකු කඩුවෙලදී අත්අඩංගුවට

කඩුවෙල – නවගමුව ප්‍රදේශයේදී හෙරොයින් සහ කේරළ ගංජා තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පාතාල කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු දැනට ඩුබායි හි අත්අඩංගුවේ සිටින අංගොඩ ලොක්කා නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු වන මෝල් චමින්දගේ සමීපතමයෙකු බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෝටර් රථයේ තිබී කේරළ ගංජා කිලෝ 2 කට ආසන්න ප්‍රමාණයක් සහ හෙරොයින් ග්‍රෑම් 650 ක් පොලිස් භාරයට ගනු ලැබුවා.