ගාල්ල මහ නගර සභාවේ මාසික සභා රැස්වීමේදී මන්ත්‍රීවරුන්ට පුවත්පත් මිලදී ගැනීමේ දීමනාවක් සහ ඉන්ධන දීමනාව වැඩිකර ගැනීමේ යෝජනාවක් සම්මත වී තිබෙනවා.
මීට පෙර මන්ත්‍රීවරුන්ට පුවත්පත් මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා නොදුන් අතර ඒ සඳහා දීමනාවක් සහ ඉන්ධන සඳහා ලබාදෙන දීමනාව වැඩි කරන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරුන් 30 දෙනෙකුගේ අත්සනින් ලිපියක් නගරාධිපතිවරයා වෙත ලබාදී තිබෙනවා.
පෙරේදා පැවති මාසික සභා රැස්වීමේදී ඊට අදාළ යෝජනාව ඒකමතිකව සම්මත වූ බවයි ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත සහබන්දු කියා සිටියේ.
ඒ අනුව මන්ත්‍රීවරුන්ට පුවත්පත් දෙකක් මිලදී ගැනීම සඳහා රුපියල් 2,000 ක මාසික දීමනාවක් සහ රුපියල් 3,000 ක්ව පැවති ඉන්ධන දීමනාව රුපියල් 4500 කින් ඉහළ දමා තිබෙනවා.