Gossips

බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රියාවලිය ගැන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කතා කරයි

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ කරුණු සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.
එම කාර්යය සඳහා ජාත්‍යන්තර අත්දැකීම් ඇති ආයතනයක සේවය ලබාගැනීම පිණිස මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුනා.
මේ අතර බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා.