Gossips

දකුනු කොරියාවේ හෝටල්වල පෞද්ගලික ක්‍රියාකාරකම් පටිගතකර විකිණූ හතරක් අත්අඩංගුවට

දකුණු කොරියාවේ හෝටල් තුළ පුද්ගලයන්ගේ පෞද්ගලික ක්‍රියාකාරකම් සූක්ෂමව පටිගත කර වෙබ් අඩවියකට විකිණීමේ චෝදනාවට සැකකරුවන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒවායේ නිදන කාමර, වැසිකිලි, ඇඳුම් මාරු කරන ස්ථානවල රහසිගතව සවිකළ කුඩා කැමරා මගින් පුද්ගලයන් 1600 කගේ ක්‍රියාකාරකම් පටිගත කොට තිබූ බවටයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
මෙමඟින් සැකකරුවන් ඇමරිකානු ඩොලර් 6200 කට අධික මුදලක් උපයා ඇති බවට විමර්ශනවලදී අනාවරණ තිබෙනවා.
මෙම චෝදනාවලට ඔවුන් වරදකරුවන් වුවහොත් වසර 10 ක සිරදඩුවමක් සහ ඇමරිකානු ඩොලර් 26,571 ක දඩයක් අයකරනු ඇති.
රහසිගතව පෞද්ගලික ක්‍රියාකාරම් පටිගත කිරීම මේ වනවිට දකුණු කොරියාවේ හෝටල් තුළ බහුලව සිදුවන අතර, ඊට එරෙහිව මේ වනවිට විරෝධයක් ද පැන නැගී තිබෙනවා.