Gossips

ළමයින් 51 දෙනෙකු සමඟ ඉතාලියේදී බස් රථයක් පැහැරගනී

ඉතාලියේ මිලානෝ නගරය ආසන්නයේදී පාසල් සිසුන් 51 දෙනෙකු රැගත් බස් රථයක් පැහැරගෙන තිබෙනවා.
එම බස් රථයේ රියදුරු විසින්ම සිසුන්ට තර්ජනය කර මෙම බස් රථය පැහැරගෙන ඇති බවටයි වාර්තාවන්නේ.
බස් රථය පැහැරගත් පුද්ගලයා එය තුළ සිසුන් සිටියදී එයට ගිනි තබා ඇති බව සඳහන්.
කෙසේ වෙතත් එරට පොලීසියේ මැදිහත්වීමෙන් බස් රථයේ පිටුපස වීදුරුව කඩා ළමයින් බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
බස් රථය ගිනි තැබීම හේතුවෙන් ඇතිවූ ස්වසන ආබාධ නිසා පාසල් සිසුන් 14 දෙනෙකු පමණ රෝහල් ගත කර තිබෙනවා.
බස් රථය පැහැරගත් 47 හැවිරිදි පුද්ගලයා සෙනෙගල් රාජ්‍යයේ සිට ඉතාලියට සංක්‍රමණය වූවෙක් බවයි වාර්තාවන්නේ.