Gossips

මහා පරිමාණයෙන් නීති විරෝධී මත්පැන් නිශ්පාදනය කළ ස්ථාන තුනක් වටලයි

තණමල්විල පොලිසිය ඊයේ (19) රාත්‍රි සිට අද (20) අලුයම දක්වා සිදු කල හදිසි වැටලීමකදී මහා පරිමාණයෙන් නීති විරෝධී මත්පැන් නිශ්පාදනය කළ ස්ථාන තුනක් වටලා තිබෙනවා.
අද (20) පොහෝ දින සහ ඉදිරි දිනවලදී අලෙවි කිරීම සදහා මෙම ස්ථානයේ මත්පැන් නිශ්පාදනය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
මෙම ජාවාරම දීර්ඝකාලයක සිට පවත්වාගෙන ගොස් ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.
එම ස්ථානයේ තිබූ නීති විරෝධී මත්පැන්,ගෝඩා, බැරල්, දඟර සහ තවත් උපකරණ රැසක් සමග සැකකරුවන් තුන් දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් කුඩාඔය, දෙබරආර සහ බලහරුව යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25 ,28 සහ 32 යන වයස් වල පසුවන්නන් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
සැකකරුවන් අද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර තණමල්විල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.