Gossips

හොර රහසේ පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් පොලිසිය වටලයි

ගිනිගත්හේන, මිනුවන්දෙණිය ගෝගවල රක්ෂිතයේ රහසිගතව පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් හැටන් පොලිසිය විසින් වටලා තිබෙනවා.
වැටලීම සිදු කරන අවස්ථාවේ සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කාලයක් තිස්සේ රක්ෂිතය තුල මෙම ස්කාගාරය පවත්වා ගෙන ගොස් තිබෙනවා.
වැටලීමේදී කසිප්පු පෙරීමට යොදාගත් උපකරණ සහ කසිප්පු මිලිලීටර් 2000ක්, ගොඩා මිලිලීටර් 45000ක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
අත්අඩංගුවට පත් සැකකරුවන් ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
හැටන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.