Gossips

ඉඩම් පනත ගැන ජා.නිපෙ. න් විරෝධය

මෙරට ඉඩම් විදේශිකයන්ට මිලදී ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙන පරිදි පනත් කෙටුම්පත් කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැරසෙන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මෙලෙස ඉඩම් පනත සම්බන්ධයෙන් ඇමරිකානු සමාගමක් සමඟ ගිවිසුමකට එළඹුණහොත් එය මීළගට පත්වන රජයකට හෝ අහෝසි කිරීමට නොහැකි බවයි.