Gossips

ව්‍යාජ ලෙස රියදුරු බලපත්‍ර සකස් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ව්‍යාජ ලෙස රියදුරු බලපත්‍ර සකස් කළ පුද්ගලයෙකු රාජගිරිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට පත්වූ සැකකරු සතුව තිබී වෙනත් පුද්ගලයනගේ රියදුරු බලපත්‍ර 52ක් සොයා ගත් බවයි පොලීසිය කියා සිටියේ.
48 හැවිරිදි සැකකරු එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු වන අතර, මොහු විසින් කලක සිට මෙම ජාවාරමේ නිරත වී ඇති බවට පොලීසිය සැක පළ කරනවා.