Gossips

බංකොලොත් ඉන්දීය ගුවන් සේවයක් රැකගන්න මෝදි පෙරට

ඉන්දියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සේවයක් වන ජෙට් එයාර්වේස් හි ගුවන් යානා 119 න් 78 ක්ම බිම්ගත කිරීමත් සමඟ එය බංකොලොත්වීම වළක්වාගැනීම සඳහා අග්‍රාමාත්‍ය මෝදි දැඩි පරිශ්‍රමයක නිරතවනවා.
තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා හදිසි රැස්වීමක් කැඳවා ඇති අතර, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බැංකුවලින් ඉල්ලා ඇත්තේ ගුවන් සේවය බංකොලොත් වීම වැළැක්වීමට කටයුතු කරන ලෙසයි.
මැතිවරණයක් අභියස දහස් ගණනකට රැකියා අහිමිවීම වැළැක්වීම අගමැතිවරයාගේ අරමුණයි.