Gossips

තරඟයට තවත් හෝරාවයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 9.30 ට කේප් ටවුන් නුවරදී ආරම්භවීමට නියමිතයි.
ඊට පෙර පැවති එක්දින තරගාවලියෙන් ශ්‍රී ලංකාවට පූර්ණ පරාජයක් අත්වුවද ටෙස්ට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත්වුණා.
ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දැරූ දිමුත් කරුණාරත්න ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ නායකත්වයට පත් කිරීම පිළිබඳව මේ වනවිට අවධානය යොමුව තිබෙනවා.
දිමුත් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියට ප්‍රකාශ කළේ තමා ලෝක කුසලාන සංචිතයට තෝරා ගතහොත් කණ්ඩායමේ නායකත්වය දැරීමටද සිදුවිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් තමන්ට දැනුම්දී ඇති බවයි.
ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය අද තරඟයට බොහෝදුරට එක්විය හැකි කණ්ඩායම මෙලෙස වාර්තාකර තිබුනා.
South Africa (possible):
1 Quinton de Kock (wk),
2 Reeza Hendricks,
3 Aiden Markram,
4 Faf du Plessis (capt),
5 JP Duminy,
6 Dwaine Pretorius,
7 Andile Phehlukwayo,
8 Kagiso Rabada,
9 Anrich Nortje,
10 Dale Steyn,
11 Imran Tahir
Sri Lanka (possible):
1 Niroshan Dickwella (wk),
2 Sadeera Samarawickrama,
3 Kusal Mendis,
4 Dhananjaya de Silva,
5 Angelo Perera,
6 Kamindu Mendis,
7 Thisara Perera,
8 Jeffrey Vandersay,
9 Isuru Udana,
10 Lasith Malinga (capt),
11 Asitha Fernando