Gossips

මොනරාගල – මදුරුකැටිය විද්‍යාලයේ සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්

මොනරාගල – මදුරුකැටිය විද්‍යාලයේ සිසුන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් සිසුන් 38දෙනෙකු සහ ගුරුවරියක් රෝහල් ගත කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අද පෙරවරුවේ විදුහල් භූමියේ පිහිටි මාරගසක තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
තුවාල ලැබූවන් අතර සිසුවියන් 11 දෙනෙකු ද සිටින අතර ඔවුන් මේ වනවිට මොනරාගල මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.