Gossips

බම්බලපිටියේදී කාන්තාවක් ඉදිරියේ නොමනා ලෙස හැසිරුණු සැකකරුට අද සිදුවූ දේ

මහ මඟදී යම් ආකාරයක හිංසනයකට ලක්වූ කාන්තාවක් විසින්ම අන්තර්ජාලයට එක් කල වීඩියෝවක් පිලිබදව අප පසුගියදා වාර්තා කළා.
ඒ සමඟ එම සිදුවීම සම්බන්ධයෙන් අද වන විට නීතිය ක්‍රියාත්මකවෙමින් පවතිනවා.
අන්තර් ජාලයේ සංසරණය වන මෙම වීඩියෝව පිලිබදව හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප අනාවරණය කලේ පසුගිය 15 වැනිදායි.
ඒ සමඟම මෙම සිදුවීම පිලිබදව සමාජයේ දැඩි කතා බහක් නිර්මාණය වී අවසන්.
බම්බලපිටිය ආලෝක සංඥා පුවරුවක් අසලදී කාන්තාවක විසින් මුහුණ පෑ මෙම අත්දැකීම සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසිය මේ වනවිට නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව එම සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළේ මේ අයුරින්.