Gossips

UPDATE – සරසවි සිසුන්ගේ විරෝධතාවකට විිශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසලදී ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය එක්ව සංවිධාන කළ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා පොලීසිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසළදී අද පස්වරුවේ ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
සබරගමුව සරසවියේ බඳවාගැනීම් කප්පාදුවට එරෙහිවයි ඔවුන් මෙම විරෝධතාව කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටින් ආරම්භ කළේ.
එය විසුරුවා හැරීම සඳහා ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ මේ වනවිට පුරහල අවට මාර්ගවල රථවාහන තදබදයක්ද හටගෙන ඇති බවයි පොලීසිය කියා සිටියේ.

————————————————————————–
සිසු විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසියෙන් ජල ප්‍රහාරයක් – – Tuesday, March 19, 2019 3.18PM
කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්වෙන සිසු විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසියෙන් ජල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.