Gossips

ධාවනය වෙමින් තිබු ත්‍රි රෝද රථයක් හදිසියේ ගිනි ගනී

නාවලපිටිය – තලවකැලේ ප්‍රධාන මාර්ගයේ කඩියන්ලෙන පාලම අසලදි ධාවනය වෙමින් තිබු ත්‍රි රෝද රථයක් හදිසියේ ගිනි ගෙන විනාශ වී තිබෙනවා.
අද (19) පස්වරුවේ මේ අනතුර සිදුව ඇති බවයි පොලිසිය සදහන් කළේ.
විදුලි කාන්දුවක් හේතුවෙන් මේ ගින්න හටගෙන ඇති බවයි මුලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.
ගින්නෙන් ත්‍රිරෝද රථයේ රියදුරාට සහ මගියාට කිසිදු අනතුරක් සිදුව නොමැති බවයි පොලිසිය පැවසුවේ.