Gossips

ප්‍රති ත්‍රස්ත පනත ගැන විපක්ෂය කියයි

ආණ්ඩුව මානව හිමිකම් මණ්ඩලයේ වුවමනාව මත ප්‍රති – ත්‍රස්ත පනත ගෙන ඒම හරහා ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නීති රාමුවේ ලිහිල්වීමක් සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
එසේම ජිනිවා යෝජනාවට සමඅනුග්‍රහ දැක්වීමට රජය කටයුතු කිරීම තුළින් පටලැවිලි රැසක් සිදුව ඇතැයි ද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා.
මෙම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්ත්‍රී මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා කියා සිටියේ බොරුවෙන් පිළිතුරු සොයන වත්මන් ආණ්ඩුව පෙරලා දැමීමට කඩිනමින් කටයුතු කරන බවයි.