Gossips

හිටපු නාවික හමුදාපති CIDයෙන් පිටව යයි

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (19) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු නාවික හමුදාපති, විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මේ වනවිට ඉන් පිටව ගොස් තිබෙනවා.
ඒ පැය 04 ක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුවයි.
අද පෙරවරු 9.30ට පමණ හිටපු නාවික හමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර ඔහු පස්වරු 1 යි 30 ට පමණ ඉන් පිටව ගිය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.
අධිකරණ නියෝගයකට අනුව මීට පෙර අවස්ථා දෙකකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබාදුන් හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩට 2008 – 2009 කාල වකවානුවේදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.