Gossips

අද හිරු ධර්ම ප්‍රදීපය හිඟුරක්ගොඩ – හතමුණ ගංඟාරාම විහාරස්ථානයේ

හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන යටතේ අදට යෙදෙන මැදින් පුර පසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් සුවිශේෂී ආගමික වැඩසටහන් රැසක් ඔබ වෙත සමීප කිරීමට හිරු එෆ්.එම්. සූදානම්.
ඒ සම්බුදු චරිතාපදානය මෙන්ම දහම් කරුණු රැසක් පිළිබඳවද ශ්‍රාවක ඔබ දැනුම්වත් කරමින්.
ඒ අනුව ‘‘හිරු ධර්ම ප්‍රදීපය’’ අද දිනය පුරා පැවැත්වෙන්නේ හිඟුරක්ගොඩ – හතමුණ ගංඟාරාම විහාරස්ථානය කේන්ද්‍ර කොටගෙනයි.
උදෑසන 6 ට අටසිල් සමාදන් කරමින් මේ පිං කටයුත්ත ආරම්භ වූ අතර, පෙරවරු 7 සිට පුරා පැයක් දහම් සිතුවිලි සමඟ බැදුණු බොදු ගීත ප්‍රචාරය කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
උදෑසන 8 ට සජීවි විශේෂ ධර්ම දේශනයක් පැවැත්වෙන අතර එය මෙහෙය වන්නේ පූජ්‍ය තෝරකොළයායේ සමිත හිමියන් විසින්.
පෙරවරු 9 සිට 10 දක්වා හිරු මැදිරියේ සිට මෙහෙයවන විශේෂ ධර්ම සාකච්ඡාවට ද ඔබට සවන් දිය හැකියි.
පෙරවරු 10 සිට යළි පැයක් පුරා බොදු ගී ශ්‍රවණය කිරීමට ඔබට අවස්ථාව සැලසෙනවා.
ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් දහවල් සම්බුද්ධ පූජාව පෙරවරු 11 සිට අඩ හෝරාවක් පුරා ඔබ වෙත සමීප කරවීමට හිරු එෆ්.එම්. සූදානම්.
දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව පස්වරු 1 දක්වා බොදු ගී වැඩසටහන ශ්‍රවණය කිරීමට හැකියාව ලැබෙන අතර, එතැන් සිට පුරා පැය දෙකක් පොහෝ දිනය වෙනුවෙන්ම සැකසෙන ගුවන් විදුලි නාට්‍යය ප්‍රචාරය වනවා.
කාව්‍ය විශාරද පූජ්‍ය පුබුදුපුර සුමනතිස්ස ස්වාමීන් වහන්සේ මෙහෙයවන මාපිය වන්දනා විශේෂ වැඩසටහනට පස්වරු 3 ට ඔබට සවන්දිය හැකියි.
පස්වරු 4 ට සන්ධ්‍යා විශේෂ ධර්ම දේශනය සිදුකරනු ලබන්නේ රාජකීය පණ්ඩිත පූජ්‍ය වරායායේ සමිත ස්වාමීන් වහන්සේ විසින්.
පස්වරු 5.30 ට සිදුකෙරෙන විශේෂ ආශීර්වාද බෝධි පූජාවක්ද හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහනට අන්තර්ගතයි.
සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව පස්වරු 7 ට යළි කාව්‍යමය ධර්ම දේශනයක් විකාශය වන අතර, රැය පහන් වනතුරු බොදු ගී ප්‍රචාරය කිරීමද මෙහිදී සිදුවනවා.