රත්මලාන වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලයට අයත් විශ්වවිද්‍යාල විද්‍යායතනවල සිසුන් පිරිසක් පවත්වන විරෝධතාවක් හේතුවෙන් බේස්ලයින් මාර්ගයේ රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ බොරැල්ලේ සිට නාරාහේන්පිට දෙසට වන්නට මෙලෙස රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් පා ගමනින් නාරාහේන්පිට පිහිටි නිපුණතා පියස වෙත ගමන් කරමින් සිටින බවටයි හිරු වාර්තාකරු සඳහන් කළේ.