Gossips

මව් තුරුලේ සිටි බිළිඳා පොළවේ ගැසූ පියා

පවුල් ආරවුලක් අතර තුර මාස තුනක් වයසැති සිය බිළිඳා පොළවේ ගැසූ පුද්ගලයෙකු ප්‍රදේශවාසින් එක්ව ගසක බැඳ පහරදී නොච්චියාගම පොලිසියට භාර දී තිබෙනවා.
පොලිසියට භාරදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ නොච්චියාගම, කටුපත්වැව, කබරගොයා වැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
පොලිසිය පවසන්නේ බිරිඳ සමඟ ඇතිවූ ආරවුලකදී සැකකාර සැමියා බිරිඳට පොල්ලකින් පහර දී ඇති අතර එම අවස්ථාවේ බිරිඳගේ අතේ සිටි දරුවාටද පොලු පහර වැදී ඇති බවයි.
එහිදී බරපතල තුවාල ලැබූ බිළිඳා නොච්චියාගම මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා බිළිඳා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.
බිළිඳා ඊයේ (18) දින ශල්‍යකර්මයකට භාජනය කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
සැකකාර සැමියා සිවිල් ආරක්ෂණ නිලධාරියෙක් ලෙස සේවය කළ අයෙක් වන අතර ඔහු අද (19) දින තඹුත්තේගම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.