Gossips

අක්‍රීයවූ විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට – තවදුරටත් විදුලි බිඳ වැටීම් සිදුවිය හැකි බව ලංවිම කියයි

නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ අක්‍රිය වූ දෙවන ජනන යන්ත්‍රයේ තාක්ෂණික දෝෂය නිවැරදි කර අවසන් බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ඒ අනුව එහි සැපයුම ජාතික පද්ධතියට එක් කිරීම පිළිබද මූලික කටයුතු සිදුකරමින් පවතින බවයි.
අද (19) දහවල් වන විට එය පද්ධතියට එක් කළ හැකි වනු ඇතැයි විශ්වාස කෙරෙනවා.
එහෙත් ඒ වන තුරු අද (19) උදෑසන කාලය තුළ ද විදුලිය බිඳ වැටීම් ඇති විය හැකි බවයි විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.
ඊයේ (18) පෙරවරුවේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අදාළ ජනන යන්ත්‍රය අක්‍රිය වුණා.
එහිදී පද්ධතියේ සමතුලිතතාවය ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාමාර්ගයක් ලෙස ඇතැම් ප්‍රදේශවලට ඊයේ (18) පස්වරුවේ විටින් විට විදුලි සැපයුම විසන්ධි කිරීමටයි විදුලිබල මණ්ඩලය පියවර ගනු ලැබුවේ.