Gossips

කොළඹ – පුත්තලම මාර්ගයේ රිය අනතුරු බහුල වෙයි

කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ සිදුවන රිය අනතුරුවල ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.
වසරේ මේ දක්වා කාලය තුළ එම මාර්ගයේ මාරක රිය අනතුරු 13ක් සිදුව ඇති බවත් එම අනතුරුවලින් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලිස් රථ වාහන කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
අදාළ මාර්ගයේ සිදුවූ ආසන්නතම මාරක රිය අනතුර ඊයේ (18) අලුයම වාර්තා වුණේ පාලවිය – නාගවිල්ලුව ප්‍රදේශයේදීයි.
එහිදී කාන්තාවන් තුන් දෙනෙකු ඇතුළු පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
වෑන් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි මෙම අනතුර සිදුවුණේ. අනතුරට හේතු වී ඇත්තේ ටිපර් රථයේ රියදුරාගේ නොසැලිකිලිමත් රිය ධාවනයයි.
පොලීසිය සඳහන් කළේ කොළඹ – පුත්තලම මාර්ගයේ රිය ධාවනයේදී බොහෝ රියදුරන් නොසැලකිලිමත් අයුරින් ධාවනයේ යෙදීම නිසා අනතුරු බහුල අන්දමින් සිදුවන බවයි. එමෙන්ම අධික වේගයෙන් රිය ධාවනය ද මෙම අනතුරු බහුලවීමට හේතු වී තිබෙනවා.