Gossips

ඩොලර් මිලියන 100ක, කොමිස් ලබා ගැනීමක් ගැන, රජයේ ප්‍රබලයෙකුට චෝදනා

2015 – 2018 වර්ෂවල රාජ්‍ය ආයතනයන්හි සිදුවූ දූෂණ, අක්‍රමිකතා පිළිබද විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි ලබා ගැනීමේ කාලය අද පස්වරු 5ට අවසන්වීමට නියමිතයි.
මේ වන විට එම කොමිසමට පැමිණිලි 950ක් පමණ ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අතර හම්බන්තොට වරායේ පළමු සහ දෙවන අදියර වෙනුවෙන් යොදා ගත් ඇමරිකානු ඩොලර් බිලියන 1.1ක ණය මුදලක් ගෙවීමට අදාළ පැමිණිල්ලක් ද වනවා.
අදාළ ණය මුදල ගෙවීමට වරාය අධිකාරියට නොහැකිවීම හේතුවෙන් එම වරායට අයත් කාර්මික කලාපය සහ තෙල් ටැංකි සංකීර්ණය විදේශ ආයෝජකයන්ට ලබාදී ණය හිලව් කිරීමට යෝජනා කෙරුණා. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයෙන් අවසර හිමි වුණා.
ඒ සඳහා ක්‍රියාත්මක වෙමින් සිටියදී අග්‍රාමාත්‍ය කාර්යාලය වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව අමාත්‍ය මලික් සමරවික්‍රම සහ අග්‍රාමාත්‍ය උපදේශක ආර්. පාස්කරලිංගම් අත්තනෝමතික අන්දමින් වෙනත් සමාගමකට ලබාදීමට උත්සාහ කරන බවට සත්‍ය ගවේෂකයෝ සංවිධානය පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
එමෙන්ම මෙම ගනුදෙනුව මගින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක කොමිස් මුදලක් ලබා ගැනීමට රජයේ ප්‍රබලයෙක් කටයුතු කරමින් සිටින බව ද පෙත්සම්කරුවන් චෝදනා කළා.
මේ වන විට වත්මන් රජයට එරෙහි පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන පවත්වන මෙම කොමිෂන් සභාවේ පොලිස් ඒකකය, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, සිංගප්පූරු – ශ්‍රී ලංකා ගිවිසුම සම්බන්ධයෙන් කළ පැමිණිල්ල ඇතුළු සිද්ධීන් කිහිපයක මූලික විමර්ශන සඳහා අදාළ පුද්ගලයින කැදවා මූලික විමර්ශන කටයුතු ආරම්භ කර අවසන්.