Gossips

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ සාමාජිකයන්ගේ නම් ප්‍රකාශයට

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ කොමසාරිස්වරුන්ගේ නම් මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ අනුමැතිය මත ව්‍යවස්ථාදායක මණ්ඩලයේ නිර්දේශ මතයි මෙම කොමසාරිස්වරුන් පත් කර ඇත්තේ. මෙම කාර්යාලයේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පත් කර තිබෙනවා.
ජයදීපා පුණ්‍යමූර්ති, මේජර් ජෙනරාල් මොහොන්ටි ඇන්ටනෙට් පීරිස්, ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, මිරාක් රහීම්, සෝමසිරි කේ ලියනගේ සහ කනපතිපිල්ලෙයි වෙන්දන් මෙහි සෙසු සාමාජිකයින්.
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සඳහා 2018 වසරේ අයවැයෙන් රුපියල් බිලියන 1.3 ක මුදලක් වෙන් කර තිබුණා.
අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම සඳහා වූ කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ මීට වසරකට පමණ පෙරයි.
එහෙත් ඒ සඳහා කොමසාරිස්වරුන් නම් කිරීම පිළිබඳ ඒකමතික භාවයක් නොමැතිවීම නිසා එය ක්‍රියාත්මක කිරීම මෙතෙක් පමා වුණා.