Gossips

පළාත්පාලන ආයතනවල බලය පිහිටුවීමට දේශපාලන පක්ෂවල සූදානම

පළාත්පාලන ආයතනවල බලය පිහිටුවීමට දේශපාලන පක්ෂවල පවතින සූදානම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ප්‍රධාන දේශපාලන පක්ෂවලින් විමසීමක් කළා.
එමෙන්ම පළාත් සභා හා පලාත්පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පෙරේදා ප්‍රකාශ කර තිබුණේ පළාත්පාලන ආයතනවල වැඩකටයුතු ලබන 20 වනදා සිට ආරම්භවන බවයි.
පළාත්පාලන ආයතන 40 කට වැඩි ප්‍රමාණයක බලය තනිව පිහිටුවීමට තමන්ට හැකි බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කියා සිටියේ වෙනත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සමග එක්ව පළාත්පාලන ආයතන 100 කට වැඩි ප්‍රමාණයක බලය පිහිටුවීමට තම පක්ෂයට හැකි බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් කියා සිටියේ පළාත්පාලන ආයතන 110 කට වැඩි ප්‍රමාණයක බලය තම පක්ෂයට තනිවම පිහිටුවිය හැකි බවයි.
කෙසේ වෙතත් තම පක්ෂය ජයග්‍රහණය කළ පළාත්පාලන ආයතනවල බලය පිහිටුවීම පිළිබඳව පමණක් මේ දිනවල සාකච්ඡා සිදු කෙරෙන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.