Gossips

අර්ජුන මහේන්ද්‍රන් සොයා ගන්න, සිංගප්පූරුවේ සහය මදි බව ජනපති කියයි

මෙරට සිදුවූ මහබැංකු වංචාවට අදාළ ප්‍රධාන සැකකරු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා සිංගප්පූරුවෙන් ලැබිය යුතු සහයෝගය නොලැබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
අල්ලස් හෝ දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීමේ උත්සවයට කොළඹ දී අද එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ රටේ සංවර්ධනය සිදුකිරීමට අල්ලස හා දූෂණය බාධාවක් වී ඇති බවයි.
මෙම උත්සවය සඳහා කථානායක කරු ජයසූරිය ද එක්ව සිටි අතර එහිදී ඔහු කියා සිටියේ අල්ලස හා දූෂණය මෙරටින් තුරන් කිරීම සඳහා පක්ෂ, පාට භේද නොසලකා සියළු දෙනා එක්ව කටයුතු කළ යුතු බවයි.

rn