Gossips

ලොරියේ රෝදය කළ මහා විනාශය කැමරාවේ සටහන් වෙයි

අධිවේගී මාර්ගයක ලොරි රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරට ලක්වන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ එංගලන්තයෙන්.
එංගලන්තයේ අධිවේගී මාර්ගයක මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එහිදී ලොරි රථ රියදුරා විසින් නොසැලකිලිමත් ලෙස හැරවීමට යාමෙන් මෙම අනතුර සිදුවන අයුරු පසුපසින් ගමන්කළ මෝටර් රථයක කැමරාවක සටහන්ව තිබෙනවා.
එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ දෙදෙනෙකු ගමන්කර ඇති අතර ඔවුන්ට කිසිදු බරපතළ හානියක් සිදුව නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් මෙම අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරුගේ බලපත්‍රය මාස 12 ක් සඳහා අත්හිටුවා තිබෙනවා.
එසේම ඔහුට යූරෝ පවුම් 207 ක දඩයක්ද නියම කර තිබෙනවා.