Gossips

ක්ලෝරීන් වායුව ආඝ්‍රාහනය වීමෙන් දෙදෙනෙකු රෝහලේ

ක්ලෝරීන් වායුව ආඝ්‍රාහනය වීමෙන් මස්කෙලිය ජල සම්පාදන මණ්ඩයට අයත් කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.
පාරිභෝගිකයින්ට ලබාදෙන ජලය පිරිපහදු කිරීම සඳහා ක්ලෝරීන් අඩංගුව ගෑස් සිලින්ඩරයක් මාරු කිරීමට යාමේදී මෙම වායුව ආඝ්‍රහණය වී ඇති බවටයි වාර්තා වන්නේ.
ගෑස් කාන්දුවීමත් සමඟ කාර්යාලය අවට නිවෙස්වල පදිංචිකරුවන් ද එම ස්ථානවලින් ඉවත් කිරීමට පියවර ගැනුණා.
මස්කෙලිය රෝහලට ඇතුළත් කෙරුණු එම නිලධාරීන් දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බවටයි රෝහල් ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

rn