Gossips

ඛනිජ වැලි සංස්ථාවේ සේවකයින්ගෙන් අනතුරු ඇඟවීමක්

ලංකා ඛනිජ වැලි සංස්ථාවට අයත් පුල්මුඬේ පිහිටි ඛනිජ වැලි නිධිය ආරක්ෂා කරදීමට බලධාරීන් කටයුතු නොකළහොත් ඉදිරි දින කිහිපය තුල වර්ජනයකට අවතීර්ණ වන බවට එහි සේවකයින් අනතුරු අඟවනවා.
මීට පෙර අවස්ථා කිහිපයකදී මෙම වැලි නිධිය වටකරමින් ආරක්ෂිත වැටක් ඉදිකිරීමට කටයුතු කළද දේශපාලන බලපෑම් මත එම කටයුතුවලට බාධා එල්ලවූ බවයි සේවකයින් ප්‍රකාශ කළේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ලංකා ඛනිජවැලි සංස්ථාවේ සභාපතිනි ඉන්දිකා රණතුංග කියා සිටියේ රාජ්‍ය දේපළ විනාශවීම නිසා එම ඉඩමෙහි ආරක්ෂිත වැටක් ඉදිකිරීමට බලධාරීන් අනුමැතිය ලබාදුන්නත් ප්‍රාදේශීය ලේකම්වරයා ඊට අවසරය ලබා නොදෙන බවයි.
එම නිසා මෙම රාජ්‍ය දේපළ ආරක්ෂා කරගැනීම සඳහා කටයුතු කළ යුතු බවද ඇය සඳහන් කළා.