Gossips

විස්සයි විස්සට දකුණු අප්‍රිකාවෙන් නව ක්‍රීඩකයන් තුන්දෙනෙක්

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ආරම්භවීමට නියමිත තරඟ තුනකින් සමන්විත පන්දු වාර විස්සයි විස්ස තරගාවලිය සඳහා පිතිකරුවන් වන ඒඩ්න් මාක්‍රම්, සිනෙතම්බර් ක්වෙෂියර් සහ වේග පන්දු යවන ක්‍රිඩක ඇන්ඩිරිච් නොකියා දකුණු අප්‍රිකානු පිලට එක්ව සිටිනවා.
මොවුන් විස්සයි විස්ස තරඟාවලියක් සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට කැඳවා ඇති පළමු අවස්ථාව මෙයයි.
කේප් – ටවුන් හිදී හෙට ආරම්භ වන පළමු තරගයේ නායකයා ලෙස කටයුතු කරනු ලබන්නේ ෆාෆ් ඩුප්ලෙසියි.
පෝල් ඩුමිනි දෙවන සහ තුන්වන තරගවල නායකයා ලෙස කටයුතු කරනු ඇති.