Gossips

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අක්‍රියවීමෙන් ප්‍රදේශ කිහිපයකට විදුලිය ඇණහිටී

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් අද පෙරවරුවේ අක්‍රිය වී තිබෙනවා.
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම යන්ත්‍රය අක්‍රියවූ බවයි විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
නොරොච්චේලේ තාප විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර 3 ක් පවතින අතර, මෙලෙස අක්‍රියවී ඇත්තේ දෙවන විදුලි ජනන යන්ත්‍රයයි.
මේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය ඇණ හිට තිබෙනවා.