Gossips

අන්තරේ කැඳවුම්කරුට ඇප

විරෝධතාවක් අතරතුර කළහකාරී ලෙස හැසිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණිය තරයේ අවවාද කර අද ඇප මත මුදා හැරුණා.
සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනාද සිල්වා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි රුපියල් එක්ලක්ෂ 50,000ක ශරීර ඇපයක් මත මුදා හැර ඇත්තේ.
රජය විසින් ගෙන ඒමට නියමිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත වහා අහෝසි කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ පාගමනක් අතරතුරදී මහජන පීඩාවක් ඇතිවන ලෙස කටයුතු කළ බවට චෝදනා කරමින් මහීල් බණ්ඩාර දෙහිදෙණිය අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 12 වනදායි.