Gossips

අල්ලස, දූෂණය තුරන් කිරීමේ ජාතික සැලැස්ම අද එළි දකී

ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දූෂණය තුරන් කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද සිදුකිරීමට නියමිතයි.
යහපත් ආකල්පවලින් පොහොසත් දරු පරපුරක් නිර්මාණය කිරීම, කාර්යක්ෂම පෞද්ගලික හා රාජ්‍ය සේවයක් බිහිකිරීම මෙන්ම යුක්තිය හා නීතිය සාධාරණව සැමට එකසේ බෙදෙන ක්‍රමවේදයක් ඇති කිරීම මෙහි මූලික අරමුණයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ජනාධිපති ලේකම් කාර්යාලය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුලු සියලු ආයතන ඒකාබද්ධව රාජ්‍ය නිලධාරීන් සහ සියලු පාර්ශවයන් ආවරණය වන පරිදි මහජන අදහස් ලබාගැනීම මගින් මෙම ජාතික සැලැස්ම සකස් කර ඇති අතර, ඊට කැබිනට් අනුමැතියද හිමිවුණා.
මෙරටින් අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා යහපත් ආකල්ප වර්ධනය කිරීම, විමර්ශනය ශක්තිමත් කිරීම සඳහා වන නීති සහ නව නීති මෙන්ම ප්‍රතිපත්ති හඳුන්වාදීම මීට ඇතුළත්.
මේ අතර, බිංගිරිය – උඩුබද්දාව ප්‍රදේශයේ ඉදි කරන ලද දකුණු ආසියාවේ විශාලතම ශෛලමය හිටි පිළිම වහන්සේ නිරාවරණය කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදුකෙරුණා.