Gossips

ඉතියෝපියා සහ ඉන්දුනීසියා ගුවන් අනතුරුවල තාක්ෂණික සමානකමක්

පසුගියදා ඉතියෝපියාවේදී බෝයිං 737 වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක්වීම සහ මීට පෙර ඉන්දුනීසියාවේදී එම වර්ගයේම ගුවන් යානයක් අනතුරට ලක්වීම අතර තාක්ෂණික සමානකම් පවතින බව පරික්ෂණ ඔස්සේ අනාවරණ වී තිබෙනවා.
ඒ ඔස්සේ ගුවන් යානා විශේෂඥයන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පසුගියදා ඉතියෝපියාවේදී බෝයිං – 737 වර්ගයේ අනතුරට ලක්වීමත් සමඟ ඇමරිකාව, යුරෝපය, චීනය, රුසියාව ඇතුළු රටවල් රැසක් මේ වන විටත් එම යානා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එමෙන්ම බෝයිං සමාගමද ඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලබන මැක්ස් මාදිලියේ සියලු ගුවන් යානා නිෂ්පාදනය අත්හිටුවීමට තීරණය කළා.